Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ඇප මත මුදාහරී

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියම කළේය. ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය එම නියෝගය ලබා දී ඇති බව සඳහන්.

ඒ අනුව සැකකරු රුපියල් පනස් දහසක මුදල් ඇප සහ රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප පහක් මත මුදා හැරීමට නියම කර තිබේ. එම ඇපකරුවන් අතරින් දෙදෙනෙකු ළඟම ඥාතීන් විය යුතු බවත් නියෝගයේ සඳහන් .

ඊට අමතරව සැකකරුගේ විදේශ ගමන් තහනම් කෙරුණු අතර විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවටත් නියෝග කර ඇත. සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙස සහ විමර්ශනවලට අවශ්‍ය සහාය ලබා දෙන ලෙසද මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් සැකකරුට නියෝග කෙරිණ.

Related posts

Colombo HC Released International drug dealer Mohamed Siddique Today

Mohamed Dilsad

ඇඳිරි නීති පෙදෙස්වල තැපැල් කාර්යාල නොඇරේ

Mohamed Dilsad

“ඩබ්ලියු. ඒ. අබේසිංහ සාහිත්‍ය මෙහෙවර” සැමරුම් උත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment