දේශීය

ඇඳිරි නීති පෙදෙස්වල තැපැල් කාර්යාල නොඇරේ

(UTV | කොළඹ ) – බස්නාහිර පළාතේ සහ පුත්තලම දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක බැවින් ලබන සඳුදා එම ප්‍රදේශවල තැපැල් කාර්යාල විවෘත නොකරන බව තැපැල්පති රංජිත් ආරියරත්න ප්‍රකාශ කළේය.

ඔහු කියා සිටියේ ඇඳිරි නීතිය ඉවත් කරන අනෙකුත් ප්‍රදේශවල සාමාන්‍ය පරිදි තැපැල් කාර්යාල විවෘත කෙරෙන බවයි.

භාණ්ඩ බෙදාහැරීමේ සමාගම් නියෝජිතයින් සහ අත්‍යවශ්‍ය සේවා සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය අතර හමුවක් ලබන සඳුදා (04) පස්වරු 2.00 ට අරලියගහ මන්දිරයේදී පැවැත් වේ.

ඒ පවතින තත්ත්වය හමුවේ භාණ්ඩ බෙදාහැරීමේදී ඇතිවන ගැටලූ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි.

තවද ලබන සතියේ සිට දිනපතා සියලූ රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් ජනාධිපති කාර්ය සාධක බලකාය හමුවට කැඳවා තිබේ.

ඒ, අදාළ ආයතන සම්බන්ධයෙන් මාර්ගෝපදේශන සකස් කිරීමේ ක්‍රියාවලියට අදාළ සැළසුම් සකස් කිරීම සඳහායි.

Related posts

සමගි ජන බලවේගයේ අභියාචනය අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

ගලක් පෙරලීමෙන් හැටන් – කොළඹ මාර්ගයේ ගමනාගමනයට බාධා [PHOTOS]

Mohamed Dilsad

විශ්වවිද්‍යාල සිසු පිරිසක් රැගත් බස්රථයක් බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ ප්‍රපාතයකට පෙරළෙයී. දෙදෙනෙක් මියයයි. 30ක අධික පිරිසකට තුවාල

Editor O

Leave a Comment