Trending Newsඑසැන පුවත්දේශීය

නාමල්ගෙන් දහම්ට ආරාධනාවක්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ දහම් සිරිසේනට තමන් සමග එක්ව ඉදිරි දේශපාලන කටයුතු කිරීම සඳහා ආරාධනා කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි. දහම් සිරිසේන හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ පුත්‍රයාය.

පසුගිය මැතිවරණවල දී ද දහම් සිරිසේන මහතාට පොදුජන පෙරමුණ සමග එක්ව කටයුතු කිරීමට ඇරයුම් කළ ද ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබිණි. නව යෝජනාව පිළිබඳව දහම් සිරිසේනගේ තීරණය මෙතෙක් ප්‍රකාශයක් කර නොමැති අතර ඉදිරියේදී ඒ පිළිබඳව බොහෝ දුරට හෙතෙම තීන්දුවක් ගනු ඇතැයි වාර්තා වෙයි.

පසුගියදා බත්තරමුල්ලේ රණවිරු ස්මාරකය අබියස පැවති රණවිරු උපහාර උලෙළේ දී නාමල් සහ දහම් එක්ව රණවිරු උපහාර පුද කිරීම ද දේශපාලන ලෝකයේ කතාබහට ලක්විය.

Related posts

ආණ්ඩු පක්ෂ නායක රැස්වීම ඇරඹේ

Mohamed Dilsad

Lankan arrested in Kerala without valid travel papers

Mohamed Dilsad

Police curfew in Kandy Administrative District re-imposed

Mohamed Dilsad

Leave a Comment