විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ සමගි ජන බලවේගයට සහාය පළ කිරීමෙි අරමුණින් මතුගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීිවරුන් පිරිසක් සමගි ජන බලවේගය සමග එක් වී තිබේ.. ඒ අද (25) කොළඹදී සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවීමෙන් අනතුරුවයි.
එලෙස එක්වුණු පිරිස අතර ස්වාධීන කණ්ඩායම් 1 කණ්ඩායම් නායක කසුන් නිරෝෂණ මුණසිංහ, නාරවිල සමිතවංශ හිමි, විජිතා දර්ශනී කුමාරි ද සිල්වා සහ චමිලානි රුවන්දිකා යන අය වෙයි.
