Trending Newsඑසැන පුවත්දේශීය

පරිපූරක වෛද්‍ය වෘත්තීකයන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්

සිය සේවාව තුල නිර්මාණය වී ඇති ගැටලු සඳහා රජය විසින් විසඳුම් ලබානොදිම හේතුවෙන් වෘත්තිය ක්‍රියාමාර්ග වෙත එළඹීමට පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව සිය ගැටලු සඳහා හෙට (26) දිනය තුළ විසදුම් ලබා නොදෙන්නේ නම් අනිද්දා (27) දින උදෑසන 08.00ට වෘත්තිය ක්‍රියාමාර්ග ආරම්භ කරන බව එම බල මණ්ඩලය පවසයි.

පරිපූරක වෛද්‍ය සේවාවේ පැනනැගි ඇති ගැටලු විසඳා ගැනීමට සෞඛය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමග අවස්ථා කිහිපයකදි සාකච්ඡා සිදු කළද ඒ සියල්ලක්ම අසාර්ථක වු බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය පවසයි.

රාජ්‍ය විශ්වවිද්‍යාල වලින් උපාධි හදාරණ ලද සිසුන් සෞඛ්‍ය වෘතින් සඳහා බදවා නොගැනීම,පවතින පුරප්පාඩු සඳහා විසඳුම් ලබානොදීම ඇතුළු කාරණා රැසක් මුලික කරගනිමින් මෙම වෘතිය ක්‍රියාමාර්ගයට එළඹීමට තීරණය කර ඇති බව සඳහන් වේ.

Related posts

Party Leaders to meet today

Mohamed Dilsad

Eight months after marriage, Karlie Kloss, Joshua Kushner still celebrating

Mohamed Dilsad

IMF ණය සඳහා අඛණ්ඩව සහාය දෙන බවට චීනය යළි අවධාරණය කරයි

Mohamed Dilsad

Leave a Comment