දේශීය

ආණ්ඩු පක්ෂ නායක රැස්වීම ඇරඹේ

(UTV | කොළඹ) – ආණ්ඩුවේ පක්ෂ නායකයින්ගේ රැස්වීමක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී මේ වනවිට ආරම්භ වී ඇත.    

කොළඹ වරාය නගරයට අදාල පණත් කෙටුම්පත , පළාත් සභා මැතිවරණය පවත්වන ක්‍රමය සහ එළඹෙන මැයි දිනය සමරන ආකාරය පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක්කෙරෙනු ඇති බව සඳහන්.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ හමුවක්ද අද පස්වරු 06. 30 ට අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට සැළසුම් කර ඇත.

මේ අතර පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ රැස්වීමක් අද පස්වරු 02 ට ආරම්භ වන අතර , ඒ ඉදිරි පාර්ලිමේන්තු සතියේ වැඩකටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි.

Related posts

වෙළඳපොළේ පාපැදිත් හිඟ වෙයි

Mohamed Dilsad

මෙරට සුවය ලැබූ ආසාදිතයින් ගණන ඉහලට

Mohamed Dilsad

නාරාහේන්පිට පොලිස් ස්ථානයට අනුයුක්ත කොස්තාපල්වරයකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට

Editor O

Leave a Comment