Trending Newsඑසැන පුවත්දේශීය

වැරැදිවලට දඬුවම් නියමව බන්ධනාගාරගතව සිටි 388 දෙනෙකුට වෙසක් පෝය නිමිත්තෙන් රාජ්‍ය සමාව

වෙසක් පුර පසළොස්වක පෝය දිනය වෙනුවෙන් බන්ධනාගාර ගත සිරකරුවන් 388කට විශේෂ රාජ්‍ය සමාවක් ලබා දීමට තීරණය කර තිබේ. ජනාධිපතිවරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන ව්‍යවස්ථාව මගින් පැවරී ඇති බලතල අනුවයි බන්ධනාගාර ගත සිරකරුවන්හට මෙම විශේෂ රාජ්‍ය සමාවක් ප්‍රධානය කරයි. පෙර වසරවලද මේ ආකාරයෙන් වෙසක් පෝය දිනය වෙනුවෙන් රැඳවූවන්ට විශේෂ රාජ්‍ය සමාවක් හිමිවූහ.

ඒ අනුව එම නියමයන් හා කොන්දේසි ලෙස බන්ධනාගාරගතව දඩුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවන ලද වසරකට හෝ ඉන් කොටසකට සති 01 ක සමාවක් ප්‍රධානය කිරීම, දඩ මුදල් නොගෙවීම නිසා බන්ධනාගාරගතව සිර දඬුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ශේෂය අහෝසි කිරීම අයත් වේ.

මීට අමතරව සිර දඬුවමෙන් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා අවසන් කර ඇති, වයස අවුරුදු 65 ඉක්මවා ඇති සිරකරුවන්ගේ දඬුවමේ ඉදිරි ශේෂය අහෝසි කිරීම ද ම නියමයන් හා කොන්දේසිවලට ඇතුළත්.

මෙම විශේෂ රාජ්‍ය සමාව සඳහා රැඳවුවන් 384 දෙනෙක්ට සහ රැඳවියන් 04 ක් වශයෙන් 388 දෙනෙකුට නිදහස් වීමට සුදුසුකම් ලබා සිටිති.

ඒ අනුව වැලිකඩ බන්ධනාගාරයෙන් 40, වාරියපොළ බන්ධනාගාරයෙන් 38, අනුරාධපුර බන්ධනාගාරයෙන් 36, මහර බන්ධනාගාරයෙන් 30 ක් ඇතුළුව දිවයිනේ අනෙකුත් බන්ධනාගාරයන්ගෙන්ද හෙට (12) දිනයේ සිරකරුවන් නිදහස් කිරීමට නියමිත බවයි බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී. දිසානායක පැවසුවේ

Related posts

හෙට දිවයිනේ සියළුම මත්පැන් හල් වසා දැමේ

Mohamed Dilsad

ජලාශ කළමනාකරණය ට පළපුරුදු නිලධාරීන් අඩුවීම, සුළි කුණාටුවෙන් වූ හානිය ඉහළ යෑමට හේතුවක් – හිටපු ඇමති පාඨලී

Editor O

රාජ්‍ය ඇමති සනත් නිශාන්තට වරෙන්තු

Mohamed Dilsad

Leave a Comment