Trending Newsඑසැන පුවත්දේශීය

ජලාශ කළමනාකරණය ට පළපුරුදු නිලධාරීන් අඩුවීම, සුළි කුණාටුවෙන් වූ හානිය ඉහළ යෑමට හේතුවක් – හිටපු ඇමති පාඨලී

මහවැලි අධිකාරිය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැනි රාජ්‍ය ආයතනවල සේවය කළ පළපුරුදු මධ්‍යම මට්ටමේ කළමනාකරුවන් විදේශගත වීම, සුළි කුණාටුවෙන් සිදු වූ දැඩි විනාශයට ප්‍රධාන හේතුවක් වී ඇති බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.

‘දිනන දකුණ’ සංසදය විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ මෙරට ජලාශ කළමනාකරණය සම්බන්ධයෙන් පවතින විශේෂඥ දැනුම සහිත නිලධාරීන්ගේ හිඟය වර්තමානයේ බරපතළ අර්බුදයක් වී ඇති බවයි.

ජලාශ කළමනාකරණය පිළිබඳ විශේෂඥ දැනුමක් සහිත මධ්‍යම මට්ටමේ කළමනාකරුවන් අද වාරිමාර්ග දෙපාර්තමේන්තුව හෝ මහවැලි අධිකාරිය තුළ නැහැ. මෙම නිපුණතා හිඟය පෞද්ගලික අංශයට පවා තදින්ම බලපා තිබෙනවා. ඩිට්වා සුළි කුණාටුව හමුවේ සිදු වූ දැඩි හානියට, ජලාශ නිසි ලෙස කළමනාකරණය කිරීමට දක්ෂ නිලධාරීන් නොමැති වීම සෘජුවම බලපා ඇති බව පෙනී යනවා. මේ තත්ත්වයට මූලික හේතුව වී ඇත්තේ මෙරට සිටි දක්ෂ කළමනාකරුවන් විශාල වශයෙන් විදේශගත වීම හෙවත් බුද්ධි ගලනයයි.”

ශ්‍රී ලංකාව අතීතයේ ගනු ලැබූ වැරදි ආර්ථික තීන්දු පිළිබඳවද මෙහිදී රණවක මහතා සිය විවේචනය එල්ල කළේය. විශේෂයෙන්ම ප්‍රකට ඉන්දියානු ආර්ථික විද්‍යාඥ බී. ආර්. ෂෙනෝයි මහතා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිසංස්කරණ වාර්තාව ක්‍රියාත්මක නොකිරීම ලංකාව කළ “බරපතළම වැරැද්ද” ලෙස ඔහු හැඳින්වීය. එවකට අමාත්‍ය ජේ. ආර්. ජයවර්ධන මහතා වෙත එම වාර්තාව ඉදිරිපත් කළද, ඩඩ්ලි සේනානායක රජය එය ක්‍රියාත්මක කිරීමට මැලි වීම හේතුවෙන් රටට ලැබුණු ස්වර්ණමය අවස්ථාවක් ගිලිහී ගිය බව ඔහු සිහිපත් කළේය.

රටක් ලෙස තවමත් නිර්භීත තීන්දු ගැනීමට කාලය ඉක්ම ගොස් නොමැති බව පැවසූ රණවක මහතා, ඉදිරි ආර්ථික ගමන් මඟ පිළිබඳව යෝජනාවක් ඉදිරිපත් කළේය. 

“ශ්‍රී ලංකාව කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා ආර්ථික කොරිඩෝවක් ස්ථාපිත කළ යුතුයි. එය කාම්බෝජය, ඉන්දුනීසියාව සහ තායිලන්තය වැනි රටවල් සඳහා විවෘත කළ යුතුයි. මෙවැනි ක්‍රමවේදයක් ඔස්සේ ලෝකය සමඟ සම්බන්ධ වීමෙන් පමණක් රටට පවතින අර්බුදයෙන් ගොඩ ඒමට හැකියාව ලැබෙනවා.” යැයි ද කීවේය.

Related posts

නත්තල් දිනයේ දේවස්ථාන අවට ආරක්ෂාව තර කරයි.

Editor O

පී.සී.ආර් පරික්ෂණය ස්ථාන 12 කින් සිදු කෙරේ

Mohamed Dilsad

சிறைச்சாலை பேருந்து மீது துப்பாக்கி பிரயோகம்:மேலும் ஒரு சந்தேக நபர் கைது

Mohamed Dilsad

Leave a Comment