Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාදවලට වෙන්න යන දේ

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයින් සහ හිටපු රාජ්‍ය නායකයින් සහ ඔවුන්ගේ වැන්දඹුවන් භුක්ති විඳින වරප්‍රසාද සුදුසු ලෙස කප්පාදු කිරීමේ යෝජනාව අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින්  මෙම යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.යෝජනාව ඉදිරිපත් කරමින් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය.

” පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මෙන්ම රාජ්‍ය නායකයන්ගේ වරප්‍රසාද පිළිබඳව සමාජයේ විශාල ප්‍රශ්නයක් මතු වී තිබුණා. ආණ්ඩුව ජනතා බලාපොරොත්තු ඉටු කරනවාදැයි ජනතාව බලා සිට මැතිවරණයේදී උත්තරයක් දී තිබෙනවා. මේ වරප්‍රසාද කැපීමට මැදිහත් නොවීම නිසා ජනතාව පිළිතුරක් ලබා දුන්නා.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොළඹ ගෙවල් මොකටද? ආරක්ෂාව කුමටද? වෙනම දිවා ආහාර මොකටද? කියා එදා කිව්වා. අද වෙනකොට පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් කෑම ගන්නේ නැත්තේ මමත් චමින්ද විජේසිරිත් විතරයි “

Related posts

Cherantha sets new swim record in Malaysia

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ නව වෙනි විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක – වැඩ බාර ගැනීම හෙට (23)

Editor O

ලෙබනනයේ සිට ලාංකිකයින් පිරිසක් හෙට දිවයිනට

Mohamed Dilsad

Leave a Comment