මෙවර උසස් පෙළ විභාග ප්‍රතිඵළ අනුව අවම වශයෙන් සරසවි වරම් හිමිකරගත් සිසුන්ගෙන් 45,000කට ආසන්න පිරිසකට පමණක් විශ්වවිද්‍යාල වෙත ඇතුළත් වීමේ අවස්ථාව හිමි වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොම්ෂන් සභාව පවසනවා.
සිසුන් 177,588ක් මෙවර ප්‍රතිඵළ අනුව විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් වීමට අවශ්‍ය මූලික සුදුසුකම් ලැබූ අතර ඉතිරි සිසුන්ට රජයේ සහ පෞද්ගලික අනෙකුත් උසස් අධ්‍යාපන ආයතනවලට යොමු වීමේ අවස්ථාව ඇති බව එම කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. එම ප්‍රමාණය 132,000ක් පමණ වන බවද හෙතෙම කීවේය. මෙවර 9,457 දෙනෙකු විෂයන් තුනටම විශිෂ්ඨ සම්මාන ලබා ගෙන ඇති අතර විෂයන් 3ම අසමත් සංඛ්‍යාව 29, 244ක්.
