Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවෙන් කලු දුමාරයක්

පාප් වහන්සේ තෝරා පත් කරගැනීම සඳහා පැවැත්වෙන රහසිගත ඡන්ද විමසීමට අදාළව අද (08) පෙරවරුවේ පැවති ඡන්ද විමසීමේදී ද නව පාප් වහන්සේ තෝරා පත් කරගැනීමට නොහැකි වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. නව පාප් වහන්සේ තෝරා පත් කරගැනීමට අදාළ ඡන්ද විමසීමේ කටයුතු වතිකානයේදී ඊයේ ආරම්භ කෙරුණි.

කෙසේවෙතත් ඊයේ පස්වරුවේ පැවති රහසිගත ඡන්ද විමසීමේදී නව පාප් වහන්සේ තෝරා පත් කරගැනීමට නොහැකි වීම හේතුවෙන් ඡන්ද විමසීම අද පෙරවරුවේ යළි ආරම්භ කර තිබුණි. ඡන්ද විමසීමෙන් අනතුරුව වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ දුම් කවුළුවෙන් කලු දුමාරයක් නිකුත් වී ඇති අතර එමගින් සංකේතවත් වන්නේ නව පාප් වහන්සේ තවමත් තේරී පත්වී නොමැති බවය

Related posts

බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 1,156 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ඇඳිරි නීතිය උල්ලංගණය කළ 10 දෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

பூஜித் ஜயசுந்தர, ஹேமசிறி பெர்னாண்டோவுக்கு பிணை

Mohamed Dilsad

Leave a Comment