Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවෙන් කලු දුමාරයක්

පාප් වහන්සේ තෝරා පත් කරගැනීම සඳහා පැවැත්වෙන රහසිගත ඡන්ද විමසීමට අදාළව අද (08) පෙරවරුවේ පැවති ඡන්ද විමසීමේදී ද නව පාප් වහන්සේ තෝරා පත් කරගැනීමට නොහැකි වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. නව පාප් වහන්සේ තෝරා පත් කරගැනීමට අදාළ ඡන්ද විමසීමේ කටයුතු වතිකානයේදී ඊයේ ආරම්භ කෙරුණි.

කෙසේවෙතත් ඊයේ පස්වරුවේ පැවති රහසිගත ඡන්ද විමසීමේදී නව පාප් වහන්සේ තෝරා පත් කරගැනීමට නොහැකි වීම හේතුවෙන් ඡන්ද විමසීම අද පෙරවරුවේ යළි ආරම්භ කර තිබුණි. ඡන්ද විමසීමෙන් අනතුරුව වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ දුම් කවුළුවෙන් කලු දුමාරයක් නිකුත් වී ඇති අතර එමගින් සංකේතවත් වන්නේ නව පාප් වහන්සේ තවමත් තේරී පත්වී නොමැති බවය

Related posts

යුක්රේන ගුවන් අනතුරෙන් 25කට දිවි අහිමි වෙයි

Mohamed Dilsad

அனைத்து அரசியல் கட்சிகளதும் செயலாளர்களுக்கு அழைப்பு

Mohamed Dilsad

பற்றுச் சீட்டு இருந்தால் பயணிக்கு காப்புறுதி இழப்பீடு

Mohamed Dilsad

Leave a Comment