දේශීය

ඇඳිරි නීතිය උල්ලංගණය කළ 10 දෙනෙක් අත්අඩංගුවට

(UTV | ගම්පහ) – මිනුවන්ගොඩ ප්‍රදේශයේ පොලිස් ඇඳිරි නීතිය උල්ලංගණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මේ අතර, ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇති පොලිස්බල ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු කඩ සාප්පු වසා තැබිය යුතු බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුම් දෙයි.

යම් පුද්ගලයෙකුට හදිසි අසනීප තත්ත්වයක් ඇති වුවහොත් ඇඳිරි නීති බලපත්‍රයක් නොමැතිව රෝහලක් වෙත රැගෙන යා හැකි බවත් සඳහන් කරන ඒ මහතා, නමුත් කොරෝනා වෛරසයට අදාළ යම් රෝග ලක්ෂණයක් තිබේ නම් වහාම නිවසේ සිට සෞඛ්‍ය අංශ දැනුවත් කරන ලෙසට සඳහන් කරයි.

දැනට තිබෙන තත්ත්වය තුළ වෙනත් ප්‍රදේශවලට ඇඳිරි නීතිය පැනවීමක් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් කියා සිටියි.

 

Related posts

ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර වි⁣ශේෂ සාකච්ඡාවක්

Editor O

ඡන්දයට නිවාඩු දෙන පාසල් යළි පටන් ගන්න දිනය

Editor O

කෝපා සභාපති ධුරය මහාචාර්ය තිස්ස විතාරණට

Mohamed Dilsad

Leave a Comment