දේශීය

ලංකා රජය ඉල්ලා සිටි මුදල නිව් ඩයමන්ඩ් හිමි සමාගම ගෙවා දමයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ දී ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාවේ හටගත් ගින්න නිවීම සඳහා වැය වූ මුදල ලෙස නීතිපතිවරයා ඉල්ලා සිටි රුපියල් මිලියන 442 ක මුදල ගෙවීමට කටයුතු කර ඇති බව නෞකාව හිමි සමාගම වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥ නිපුන විමලසේකර ප්‍රකාශ කළේය.

නෞකාව මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජාරා වරාය වෙත රැගෙන යමින් සිටින බව ද ඔහු පවසා සිටියේය.

එහිදී බොරතෙල් තවත් නෞකාවන්ට පොම්ප කිරීමෙන් පසු නැව කැබලි කිරීමට පියවර ගන්නා බව ද නීතිඥවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්නට ද කොරෝනා

Mohamed Dilsad

ජුනි 14 වනදායින් පසු සංචරණ සීමා පිළිබඳ නවතම තීරණය

Mohamed Dilsad

මාලිමා ආණ්ඩුවෙන් ගෙන්වූ බාල ගල් අඟුරු හේතුවෙන් විදුලි නිෂ්පාදනය පහළට

Editor O

Leave a Comment