දේශීය

ලංකා රජය ඉල්ලා සිටි මුදල නිව් ඩයමන්ඩ් හිමි සමාගම ගෙවා දමයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ දී ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාවේ හටගත් ගින්න නිවීම සඳහා වැය වූ මුදල ලෙස නීතිපතිවරයා ඉල්ලා සිටි රුපියල් මිලියන 442 ක මුදල ගෙවීමට කටයුතු කර ඇති බව නෞකාව හිමි සමාගම වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥ නිපුන විමලසේකර ප්‍රකාශ කළේය.

නෞකාව මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජාරා වරාය වෙත රැගෙන යමින් සිටින බව ද ඔහු පවසා සිටියේය.

එහිදී බොරතෙල් තවත් නෞකාවන්ට පොම්ප කිරීමෙන් පසු නැව කැබලි කිරීමට පියවර ගන්නා බව ද නීතිඥවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

කොරෝනා අවදානම තවමත් – උත්සව සමයේ පරිස්සමෙන්

Mohamed Dilsad

කොවිඩ් – 19 අරමුදලේ ශේෂය මිලියන 609 දක්වා ඉහළට

Mohamed Dilsad

ජනපති යළි දිවයිනට

Mohamed Dilsad

Leave a Comment