මෙම වසරේදී ආනයනය කළ ගල්අඟුරු තොගය ප්‍රමිතියෙන් තොර බව බලශක්ති විශේෂඥ ආචාර්ය විදුර රලපනාව මහතා පවසයි. එබැවින් .ජාතික විදුලි පද්ධතියට සැපයිය හැකි විදුලි ධාරිතාව සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බවය.
දත්ත වාර්තා උපුටා දක්වමින් ඔහු සඳහන් කරන්නේ, ගල්අඟුරු බලාගාර තුනම සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වන අවස්ථාවේදී මෙගාවොට් 810ක විදුලි ජනනයක් සිදුවිය යුතු නමුත්, ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු භාවිතය හේතුවෙන් මේ වන විට උපරිම වශයෙන් ජනනය කළ හැක්කේ මෙගාවොට් 715ක් පමණක් බවය.
කෙසේ වෙතත්, මේ වන විට එම ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු තොගය විදුලි ජනන කටයුතු සඳහා භාවිතා කිරීම තාවකාලිකව නවතා ඇති බව සඳහන් වේ.
ඒ වෙනුවට, පසුගිය වසරේ මෙරටට ගෙන්වන ලද රුසියානු ගල්අඟුරු යළි භාවිතයට ගෙන ඇති බවද වාර්තා වේ.
මෙම ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු තොගය ඉන්දීය ටෙන්ඩරයක් අනුව දකුණු අප්‍රිකාවෙන් මෙරටට ආනයනය කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
