Trending Newsඑසැන පුවත්දේශීය

අධිකරණයේ දුරකථනය නාදවීමකට අදාළව බන්ධනාගාර ගත කළ පුද්ගලයා මිය ගිහින් : මොට ආයුධයකින් හිසට පහරදීමෙන් මොළයට හානි සහ පපුවේ වම්පසට පහරදීමෙන් ඉළ ඇට බිඳිලා

රථ වාහන නඩුවක් සම්බන්ධයෙන් ඇප තැන්පත් කිරීම සඳහා ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණි පුද්ගලයෙකුගේ ජංගම දුරකථනය නාද වීමේ වරදට දින 14ක කාලයක් සඳහා බන්ධනාගාර ගත කළ පසු හදිසියේ මියයෑමේ සිදුවීමක් වාර්තා වේ.

මියගිය රැඳවියාගේ ඥාතීන් පවසන්නේ, මොට ආයුධයකින් හිසට පහරදීමෙන් මොළයට හානිවීම සහ පපුවේ වම්පසට පහරදීම නිසා ඉල ඇටවලට හානිවීමෙන් සිදුවූ අභ්‍යන්තර ලේ වහනය හේතුවෙන් මරණය සිදුවී ඇති බවට රැඳවියාගේ පශ්වාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී ඇති බවය. කෙසේ වෙතත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණවලට අමතරව බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ද පරීක්ෂණයක් ක්‍රියාත්මක බවය.

Related posts

ඉල්ලීම් 6ක් මුල්කරගනිමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

Mohamed Dilsad

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන්, ඇමරිකන් ඩොලරයට හොඳ කලක්

Editor O

විදුලි සංදේශ සේවක සංගමයෙන් රජයට රතු එළියක්

Mohamed Dilsad

Leave a Comment