දේශීය

ලොරි රියදුරුට වෙච්ච ඇබැද්දිය

මානිප්පායි පොලිස් වසමේ උඩුවිල් ප්‍රදේශයේ ලොරි රථ රියදුරෙක් බියගන්වා ලොරි රථය පැහැරගෙන ගොස් තිබේ.

 

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, ලොරිය නවතා දුරකථන ඇමතුමක් ලබාගනිමින් සිටිය දී යතුරුපැදිවලින් පැමිණි පුද්ගලයින් කිහිපදෙනෙක් රියදුරුව බියගන්වා ඇති බවය.

 

පසුව ලොරිය කොල්ල කා ඔවුන් පළා ගොස් ඇත.

 

මේ සම්බන්ධයෙන් කළ පැමිණිල්ලක් මත මානිප්පායි පොලිස් ස්ථානය විසින් කොල්ලකන ලද ලොරිය සහ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

සැකකරු අවුරුදු 33ක් වන ආනකෝට්ට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

සැකකරු අද (01) මල්ලාකම් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 

 

Related posts

රාජ්‍ය ගිණුම් කාරක සභාවේ පළමු රැස්වීම අද

Mohamed Dilsad

තැපැල් ඡන්ද සලකුණු කිරීම එළබෙන සඳුදා සිට

Mohamed Dilsad

අවශ්‍ය විටකදී පොලීසියට ත්‍රිවිධ හමුදාවේ සහය දෙන්න

Mohamed Dilsad

Leave a Comment