දේශීය

තැපැල් ඡන්ද සලකුණු කිරීම එළබෙන සඳුදා සිට

(UTV | කොළඹ ) – ලබන සඳුදා (13) මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරිම ආරම්භ වනවා.

කෙසේවෙතත් ලබන සඳුදා ඡන්දය භාවිත කිරීමට නියමිතව ඇත්තේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවක සේවිකාවන් පමණයි.

රාජ්‍ය ආයතනවල සේවකයින් ලබන 14 සහ 15 යන දිනවලදී ඡන්දය සළකුණු කරනු ඇත.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල, පොලීසිය, ආරක්ෂක හමුදා සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවකයින් තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන 16 සහ 17 යන දෙදින තුළ සිදුකිරීමට නියමිතයි.

මෙම දිනවල දී ඡන්දය භාවිත කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයින් සඳහා ලබන 20 සහ 21 යන දිනවල තැපැල් ඡන්දය භාවිත කිරීමේ පහසුකම සලසා ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

Related posts

මන්නාරම හිටපු රදගුරු රායප්පු ජෝශප් පියතුමා ස්වර්ගස්ත වෙයි

Mohamed Dilsad

නිරෝධායන ප්‍රදේශවල ඡන්ද පත්‍රිකා බෙදීම තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙක් කේරළ ගංජා සමග පොලීසියට කොටුවේ

Editor O

Leave a Comment