Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමා ආණ්ඩුවේ මහා වංචාවක් : ඇමතිවරයෙක්, කෝටි 600ක නිවසක් කෝටි 100ක ට ලියාගෙන

හොරකම වංචාව අල්ලස දූෂණය එදාට වඩා අද සිදුවෙන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ජන හමුවකදී ප්‍රකාශ කළේය. අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන , අමාත්‍යවරයෙක් ලක්ෂ 600ක නිවසක් ලක්ෂ සීයක මුදලකට ලියාගෙන ඇතැයි ද හෙතෙම කියා සිටී.

ඒ අනුව අයථා දේපළ උත්පාදන පනත යටතේ පළමු පැමිණිල්ල මෙම ආණ්ඩුවේ අමාත්‍යවරයකුට එරෙහිව ගොනු කරන බවද හෙතෙම පැවසුවේය. මේ සඳහා මුදල් ගෙවා ඇත්තේ වෙළඳ අමාත්‍යංශයට සම්බන්ධ ආයතනයක් බවත් ඔප්පුවට අත්සන් තැබීමටද පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ගොස් ඇති බවටද හෙතෙම චෝදනා කළේය.

Related posts

මිලියන 136ක මුදල් වංචාවක් සම්බන්ධව සැකකරුවකු අත්අඩංගුවට

Mohamed Dilsad

தொடரும் குளிரான காலநிலை

Mohamed Dilsad

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරුබදු පැනවීම අමෙරිකානු ෆෙඩරල් අධිකරණයක් විසින් අත්හිටුවයි

Editor O

Leave a Comment