Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන මැතිවරණය හේතුවෙන් රජයේ පාසල් මැයි 05 සහ 06 දෙදින නිවාඩු

මැයි මස 6වනදා පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් දිවයිනේ සියලුම පාසල්වලට මැයි 5 සහ 6 දෙදින නිවාඩු ලබාදෙන බව නිවේදනයක් නිකුත්කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මැයි මස 7වනදා පාසල් නැවත ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් 2025.05.04 දින අදාළ ග්‍රාම නිලධාරීන් වෙත භාරදීමට කටයුතු කළ යුතුය. ඡන්ද මධ්‍යස්ථාන කටයුතු සඳහා අවශ්‍ය මේස, පුටු සහ ශාලා පහසුකම් ලබාදීමට සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන් දැනුම්වත් කළ යුතු බවත් අදාළ නිවේදනයේ දැක්වෙයි.

ඇමුණුම් 01 හි සඳහන් පාසල් එම ලේඛනයේ සඳහන් පරිදි ඒ ඒ පාසලට අදාළ කාල වකවානුව තුළ පමණක් නිවාඩු ලබාදීමට කටයුතු කරන මෙන් ද පාසල් වේලාවෙන් පසුව ඉල්ලා ඇති පාසල් ඊට අදාළ දිනයේදී පාසල පැවැත්වීමෙන් පසුව මැතිවරණ කටයුතු සඳහා භාර දිය යුතු බව ද වැඩි දුරටත්

Related posts

පාසැල් ප්‍රවාහන සේවා පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

ඇඳිරි නීති ප්‍රදේශවල ඔසු සැල් සහ ආහාර අලෙවිසැල් වැසේ

Mohamed Dilsad

முல்லைத்தீவு மாவட்ட தனியார் பேருந்து உரிமையாளர்களது பணிப்புறக்கணிப்பு தொடர்கிறது

Mohamed Dilsad

Leave a Comment