Trending Newsඑසැන පුවත්දේශීය

ආණ්ඩුවේ අය තරගෙට බොරු කියනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර

බලය ලබා ගැනීමෙන් පසුවද, වත්මන් ආණ්ඩුව දිගින් දිගටම බෝරු සමාජගත කරමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසනවා. ආණ්ඩුවට ඇත්තේ බොරු ප්‍රකාශ කරමින් සිටීම නොව, වැඩ කිරීමට කටයුතු කිරීම බව ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළා.

අවුරුද්දට සුබපතා කෙටි පණිවිඩ නොයැවීම නිසා රුපියල් මිලියන 98 ක් ඉතුරු වූ බවට ආණ්ඩුව නියෝජනය කරන කොට්ටහච්චි මන්ත්‍රීවරිය පැවසුවද, හිටපු ජනාධිපතිවරුන් එම කෙටි පණිවිඩය සඳහා රජයේ මුදල් වියදම් කර නොමැති බවද, එය නොමිලේ යැවූ කෙටි පණිවිඩයක් බවද ඔහු පැවසුවා.

ආණ්ඩුව ප්‍රකාශ කරන බොරුවල හැටියට ඉදිරියට කිරීමට සිදුවන්නේ සතියේ බොරුව, දවසේ බොරුව, පැයේ බොරුව තෝරා හොඳම බොරුව තේරීමේ තරගයක් පැවැත්වීම බව නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

பெரும்பாலான பகுதிகளில் மாலையில் இடியுடன் கூடிய மழை

Mohamed Dilsad

பிளவுபடாத பிரிக்கமுடியாத ஒருமித்த நாட்டிற்குள்ளேயே தீர்வினை எதிரிபார்க்கிறோம்

Mohamed Dilsad

වත්මන් ආණ්ඩුවේ ණය ගණුදෙනු ගැන හිටපු ජනපතිගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment