Trending Newsඑසැන පුවත්දේශීය

තැපැල් ඡන්දයෙන් ආණ්ඩුවට අමතක නොවන පාඩමක් උගන්වනවා – නාමල් රාජපක්ෂ

පළාත් පාලන මැතිවරණයේදි රාජ්‍ය සේවකයින් තැපැල් ඡන්දය සලකුණු කල බවත්, එම රාජ්‍ය සේවකයින් මෙවර පළාත් පාලන මැතිවරණයේදි ආණ්ඩුවට අමතන නොවන පාඩමක් උගන්වන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක සහ නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

නාමල් රාජපක්ෂ මහතා ඒ බැව් කියා සිටියේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් නුවරඑලිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන වලට තරග කරන අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරිම සදහා වලපනේ, රාගල සහ නුවරඑලිය යන ප්‍රදේශවල පැවති රැස්වීම් වලින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාදවලට මුවාවී රාජ්‍ය සේවකයින් හොරෙක්, වංචාකරුවෙක් සහ කම්මැලියෙක් බවට ප්‍රකාශ කළ බවයි. මේ වන විටත් රජයේ විධායක නිළධාරින් 43 දෙනෙකඅ සහ පොලිස් නිළධාරින් කිහිප දෙනෙකු මාරු කර ඇති බවද නාමල් රාජපක්ෂ මහතා තව දුරටත් පැවසීය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික් සංවිධායක සී.බී. රත්නායක මහතා විසින් මෙම රැස්වීම් මාලාව සංවිධානය කර තිබුණි.

Related posts

எதிர்ப்பு ஆர்ப்பாட்டம் காரணமாக காலிமுகத்திடல் வீதிக்கு பூட்டு

Mohamed Dilsad

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළ අයට පොලිස් අවවාද

Mohamed Dilsad

IOM plans more assistance to flood and landslide-hit Sri Lanka

Mohamed Dilsad

Leave a Comment