Trending Newsඑසැන පුවත්දේශීය

ජනතාව නොමග යවන්න, මාලිමා ආණ්ඩුවෙන් ගෙතූ තවත් බොරුවක් අතේ පත්තුවෙයි.

අලුත් අවුරුදු උදාවේ ජනාධිපති අනුර දිසානායක SMS පණිවිඩයක් නොයැවීමෙන් රටේ බදු මුදල් රු. ලක්ෂ 980ක් ඉතිරි වූ බවට පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි සිදුකරන ප්‍රකාශය අසත්‍යයක් බව හිටපු ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක පවසයි.

ජනාධිපතිවරයාගේ අලුත් අවුරුදු පණිවිඩය ඩයලොග් මොබිටෙල් හච් ආදී දුරකතන සමාගම් සිය සේවාවක් ලෙස පාරිභෝගික ජනතාවට යොමු කරන බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

ඒ සඳහා රජයේ හෝ වෙනත් පෞද්ගලික ආයතනයක හෝ කිසිදු මුදලක් වැය කර නොමැති බවත් මෙම අසත්‍ය ප්‍රකාශ ඔස්සේ පසුගිය ආණ්ඩු නිකරුණේ ජනතා මුදල් වැය කළේ යැයි අභූත චෝදනාක් නැගීමට උත්සාහ කරන බව ද ධනුෂ්ක රාමනායක ප්‍රකාශ කරයි.

Related posts

CID seizes large stocks of gelignite sticks, detonators, live ammunition

Mohamed Dilsad

රංජිත් මද්දුමබණ්ඩාර සහ ආශු මාරසිංහ ජනපති කොමිසමට

Mohamed Dilsad

எரிபொருளுக்கான விலைச்சூத்திர பட்டியல் நடைமுறை தொடர்ந்து முன்னெடுப்பு

Mohamed Dilsad

Leave a Comment