Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් අදියරට

පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇති බව රජයේ මුද්‍රණාලය පවසයි. ඒ අනුව අප්‍රේල් මස 05 වැනිදා වන විට එම ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසම වෙත භාරදීමට පියවර ගන්නා බව මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා පැවසීය.

මීට අමතරව පළාත් පාලන  මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සහ ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු ද මේ වන විට සිදුකෙරෙන බව ඔහු සඳහන් කළේය. ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අදාළව සියලුම දිස්ත්‍රික්කවල තොරතුරු මේ වන විට මුද්‍රණාලය වෙත ලැබී ඇති බව සඳහන්ය.

මේ අතර පළාත් පාලන මැතිවරණයට අදාළව ගතවු දිනය තුළ මැතිවරණ නිතී උල්ලංඝණය කිරීම්  සහ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි 7ක් වාර්තා වී ඇති බව පොලීසිය පවසයි. මැතිවරණ නිතී උල්ලංඝණය කිරීම් සම්බන්ධ පැමිණිලි 06ක් සහ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ එක් පැමිණිල්ලක් ඒ අතර වන බව පොලීසිය පැවසීය.

නිකවැරටිය මීගලෑව ප්‍රදේශයේදි පුද්ගලයෙකුට පහරදීමක්  සම්බන්ධයෙන් මීගලෑව පොලීසියට පැමිණිල්ලක් වාර්තා වී ඇති බව සඳහන්ය. මීට අමතරව මාතලේ, කළුතර, ගල්කිස්ස සහ මොනරාගල යන ප්‍රදේශවලින් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 06 ක් වාර්තා වී ඇති බව පොලීසිය සඳහන් කළේය.

Related posts

“Grudge” Reboot Delayed Until 2020

Mohamed Dilsad

“பிரசண்ட் சார்” என்பதற்கு பதிலாக ஜெய்ஹிந்த்-புதிய வருகை பதிவேட்டு முறை அறிமுகம்

Mohamed Dilsad

Premier to step down today

Mohamed Dilsad

Leave a Comment