Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

මියන්මාර භූකම්පනයෙන් සිදුවූ මරණ ගණන 1,600 ඉක්මවයි

මියන්මාර භූකම්පනයෙන් සිදුවූ මරණ ගණන 1,600 ඉක්මවා තිබේ. අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණායතනය අනතුරු අඟවන්නේ එය දස දහස ඉක්මවීමේ අවදානමක් පවතින බවය. මධ්‍යම මියන්මාරයට පසුගියදා රික්ටර් මාපකයේ ඒකක 7.7ක ප්‍රබලත්වයකින් යුතු භූකම්පනයක බලපෑම් එල්ල වුණි.

එහි අපිකේන්ද්‍රය සටහන්ව තිබුණේ එරට ඊසාන දිග සගයින් නගරයේ සිට කිලෝමීටර 16ක් උතුරු දෙසින්ය. ප්‍රධාන භූකම්පනයෙන් පසුවත් ප්‍රබල පසුකම්පන 6කින් එරටට බලපෑම් එල්ල වී තිබේ.

මෙය වාර්තා අතරට එක්ව ඇත්තේ සියවසකට අධික කාලයකින් පසුව මියන්මාරයට බලපෑ ප්‍රබලතම භූකම්පනය ලෙසයි. හමුදා පාලනය හේතුවෙන් දැනටමත් මානුෂීය අර්බුදයකට මුහුණ දී සිටින මියන්මාර වැසියන් භූ කම්පනයත් සමග දැඩි පීඩනයට ලක්ව සිටී.

මේ භූකම්පනයෙන් නැපීටා අගනුවරට සිදුව ඇති හානිය යි. භූකම්පනයෙන් මියන්මාරයේ දෙවන විශාලතම නගරය වන මැන්ඩලේ නගරයටත් දැඩි හානි සිදුව ඇති අතර එහි ගොඩනැගිලි රැසක් පොළොවට සමතලා වී තිබේ.

භූකම්පනයෙන් වැඩිම හානියක් සිදුව ඇත්තේ මැන්ඩලේ නගරයට වන අතර එහි නිවාස 1,500කට අධික සංඛ්‍යාවකට හානි සිදුව ඇතැයි සඳහන්ය. භූකම්පනය අතරතුර දී මැන්ඩලේ හි පෙර පාසලක් පිහිටි ගොඩනැගිල්ලක් ද කඩා වැටී ඇති අතර එහි සිටි පෙර පාසල් දරුවන් 12 දෙනෙකුගේ සහ ගුරුවරයාගේ සිරුර සොයාගෙන ඇතැයි සහන සේවකයින් තහවුරු කර තිබුණි.

මියන්මාරයේ මැන්ඩලේ නගරයේ මියගිය පුද්ගලයින්ගේ සිරුරු ගොඩගැසී ඇති අයුරු BBC මාධ්‍ය වාර්තා කර තිබුණි. තුවාලකරුවන්ගෙන් එරට රෝහල් පිරීගොස් ඇති අතර පසුකම්පන අවදානම හේතුවෙන් ඇතැම් පිරිස් හට ප්‍රතිකාර සිදු කෙරෙන්නේ ද රෝහල්වලින් පිටතදීය. මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සහායවීමට චීන ආපදා සහන කණ්ඩායමක් මියන්මාරය වෙත ළඟා වී තිබේ.

තවත් රටවල් රැසක් මියන්මාරයට සහාය දැක්වීමට ඉදිරිපත් වි ඇති අතර ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ වියට්නාමයත් ඒ අතරට අයත්ය.

Related posts

Tom Holland to play a young Nathan Drake for uncharted

Mohamed Dilsad

48 Dead, hundreds injured in Indonesian earthquake and tsunami

Mohamed Dilsad

GOTA’s cash deposit for presidential election made

Mohamed Dilsad

Leave a Comment