Trending Newsඑසැන පුවත්දේශීය

ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට, අයවැයෙන් විසඳුමක් නොදීම ගැන, වෘත්තීය සමිති සමග සාකච්ඡා කර ක්‍රියාමාර්ගයක් ගන්නවා – ජෝසෆ් ස්ටාලිං

ගුරු විදුහල්පතින්ගේ වැටුප් විෂමතාවය විසඳීමට අයවැයෙන් සාධනීය මැදිහත්වීමක් කර නැතැයි ලංකා ගුරු සංගමය සඳහන් කරයි. එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කරන්නේ ඒ හේතුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තිය සමිති අරගලයකට සූදානම් වෙමින් සිටින බවය.

මෙවර අයවැයේදී සුබෝධනී කමිටු වාර්තාව ගැන වචනයක්වත් සඳහන් කර නැති බවද කී ස්ටාලින් මහතා මේ සම්බන්ධයෙන් ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ගෙන් බරපතල විරෝධතාවක් එල්ල වී ඇති බවද පැවසුවේය.

ඒ අනුව ගුරු, විදුහල්පති, ගුරු අධ්‍යාපන සේවා, ගුරු උපදේශක හා පිරිවෙන් ගුරු ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලු වෘත්තිය සමිති එක්ව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ආකාරය ගැන සාකච්ඡා කරගෙන යන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

Related posts

SRI LANKA MUSLIM LEADER SAYS LACK OF MUSLIM MINISTERS IN NEW GOVT ‘JUST FINE’

Mohamed Dilsad

අනුදි දිනවන්න සහයෝගය දෙන්න – පොලිස්පති විසින් රට පුරා පොලිස් ස්ථාන වෙත දන්වයි.

Editor O

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා අත්අඩංගුවට ගන්නා ලෙස නියෝගයක්

Editor O

Leave a Comment