Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා අත්අඩංගුවට ගන්නා ලෙස නියෝගයක්

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා මහතා අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (23) වරෙන්තු නිකුත් කර තිබේ.

ඒ ඔහුට එරෙහිව විභාග වන නඩුවක් සම්බන්ධයෙන් අද (23) දිනයේ අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි.

රාජකාරියේ නිරත ව සිටි පොලිස් නිලධාරියෙකුට බලපෑම් කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාට චෝදනා එල්ල කරමින් අදාළ නඩුව විභාග වෙයි.

ඊට අදාළව ඇප මත මුදා හැර ඇති මන්ත්‍රීවරයා අද දිනයේ අධිකරණ හමුවේ පෙනී නොසිටි නිසා මෙම වරෙන්තු නිකුත් කර ඇත.

Related posts

යතුරුපැදියේ අධික වේගයෙන් ගිය සිසුන් දෙදෙනා මරුට

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

திமுத் கருணாரத்னவின் சாரதி அனுமதி பத்திரம் இரத்து

Mohamed Dilsad

Leave a Comment