Trending Newsඑසැන පුවත්දේශීය

ආපදාවෙන් රටට සිදුවූ භෞතික හානිය ඇමෙරිකානු ඩොලර් බිලියන 4.1ක්

දිට්වා’ සුළිකුණාටුව හේතුවෙන් මෙරටට අමෙරිකානු ඩොලර් බිලියන 4.1ක භෞතික හානියක් සිදුව ඇති බව ලෝක බැංකුව ඇස්තමේන්තු කර තිබේ. .

ලෝක බැංකුව පවසන්නේ මෙය ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 4% ක ප්‍රමාණයකට සමාන වන බවයි.

පසුගිය නොවැම්බර් මාසයේ අග භාගයේදී ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළිකුණාටුව හේතුවෙන් මෙරට ගොඩනැගිලි, ඒවායේ අන්තර්ගතයන්, කෘෂිකර්මාන්තය හා මහා මාර්ග ඇතුළු තීරණාත්මක යටිතල පහසුකම්වලට දැඩි භෞතික හානියක් සිදුවිය..

ලෝක බැංකුව මෙම හානිය සම්බන්ධයෙන් ඇස්තමේන්තු කර ඇත.

මෙම වාර්තාවට අනුව වැඩිම හානිය මධ්‍යම පළාතෙන් වාර්තා වන අතර, එය අමෙරිකානු ඩොලර් මිලියන 689 ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ. .

එමෙන්ම මාර්ග, පාලම්, දුම්රිය මාර්ග හා ජල සම්පාදන පද්ධති ඇතුළු යටිතල පහසුකම්වලට වූ හානිය අමෙරිකානු ඩොලර් බිලියන 1.735ක් ලෙසින් ගණනය කර ඇති අතර, එය සමස්ත හානියෙන් 42%ක ප්‍රමාණයකිි .

ලෝක බැංකු වාර්තාවට අනුව නේවාසික ගොඩනැගිලිවලට මෙම දිට්වා ව්‍යසනයෙන් සිදුව ඇති හානිය අමෙරිකානු ඩොලර් මිලියන 814ක් ලෙස සඳහන්.

රෝහල්, පාසල්, ව්‍යාපාරික ස්ථාන, මහා පරිමාණ කර්මාන්ත ශාලා ආදිය ඇතුළු නේවාසික නොවන ගොඩනැගිලිවලට සිදුව ඇති හානිය ලෝක බැංකු වාර්තාවට අනුව සඳහන් වන්නේ අමෙරිකානු ඩොලර් මිලියන 562ක් ලෙසයි.

මේ අතර, දිට්වා සුළිකුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්වූ පුද්ගලයින්ට සහන සැලසීම සඳහා සංශෝධිත චක්‍රලේඛයන් නිකුත් කර තිබේ. .

ඒ අනුව සාමාජිකයින් ගණන 2ක් හෝ ඊට අඩු පවුලක් සඳහා ගෙවනු ලබන රුපියල් 25,000ක දීමනාව සහ සාමාජිකයින් ගණන 2 වැඩි පවුලක් සඳහා ගෙවනු ලබන රුපියල් 50,000ක දීමනාව උපරිමය මාස 3ක කාලයක් සඳහා ගෙවීමට තීරණය වී තිබේ. .

ආපදාවෙන් බලපෑමට ලක් වූ වගාබිම් සඳහා හෙක්ටයාර 1කට ගෙවනු ලබන රුපියල් 150,000 ක දීමනාව වී, ධාන්‍ය, බඩඉරිඟු, රටකජු සහ ක්‍ෂේත්‍ර බෝග යළි ප්‍රකෘතිමත් කිරීම සඳහා එක්වරක් පමණක් ගෙවීමට තීරණය කර තිබේ. .

එළවළු, මිරිස්, ලූණු යන බෝග සහ කෙසෙල්, පැපොල් හා අන්නාසි යන පළතුරු වගාබිම් සඳහා ද එක්වරක් පමණක් ගෙවනු ලබන දීමනාව නව සංශෝධිත චක්‍ර ලේඛයේ දැක්වෙන්නේ හෙක්ටයාරයට රුපියල් ලක්‍ෂ 2 ක් ලෙසයි.

ආපදාවෙන් බලපෑමට ලක්වූ සත්ත්ව පාලන ගොවිපොළවල්වල මියගිය සතුන් ගණන පදනම් කරගෙන ගෙවනු ලබන දීමනාවද සංශෝධනය කර ඇති අතර, ගව පාලනය, සූකර පාලනය, එළු සහ බැටළු පාලනය මෙන්ම කුකුළු පාලනය සඳහා ද පිළිවෙළින් රුපියල් ලක්‍ෂ 2 සිට ලක්‍ෂ 10 දක්වා සංශෝධනය කර ඇත්තේ උපරිමය සතුන් 20 කට සීමා කර ඇත. .

ව්‍යාපාරවලට සිදුව ඇති හානියට මුහුණදීම මෙන්ම හානියට පත් ආගමික ස්ථාන පිරිසිදු කිරීම ද මෙම චක්‍රලේඛයට ඇතුළත්.

මේ අතර, ඇති වූ ආපදා තත්ත්වයට මුහුණදීම සඳහා මෙරට ක්‍රියාත්මක රීබිල්ඩින් ශ්‍රී ලංකා වැඩසටහන තවමත් ක්‍රියාත්මක අතර, රට තුළ විගණකාධිපතිවරයෙකු නොමැති අවස්ථාවක එහි මුදල් වැය කිරීම නීති විරෝධී බව රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරයි. .

Related posts

INTERPOL Medal for President Maithripala Sirisena

Mohamed Dilsad

රුසියානු සොල්දාදුවන් විසින් රඳවාගෙන සිටි ශ්‍රී ලාංකික සිසුන් හත් දෙනෙකු බේරා ගැනේ

Mohamed Dilsad

சமையல் எரிவாயு, பால்மா விலை அதிகரிப்பு தொடர்பில் இன்று தீர்மானம்

Mohamed Dilsad

Leave a Comment