Trending Newsඑසැන පුවත්දේශීය

ගංජා හේන මාමගේ නෙමෙයි මන්ත්‍රී බෑනගේ…? | පොලිස් නිලධාරීන්ට දඬුවම් දෙන්නේ ඒකයි…! – උදය ගම්මන්පිල…

සූරියකන්ද ප්‍රදේශයේ ගංජා හේන වැටලූ අවස්ථාව පොලිසිය වීඩියෝගත කර ඇති බවත් එහි සේවය කළ තරුණයා අදාළ ඉඩම ශාන්ත මහත්තයාගේ යැයි සඳහන් කළ බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. සිය පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවක් අමතමින් උදය ගම්මන්පිල මේ බව ප්‍රකාශ කළේය..

ඒ අනුව අදාළ ඉඩම මන්ත්‍රී ශාන්තගේ මිස ඔහුගේ මාමණ්ඩියගේ නොවන බව ද ගම්මන්පිල අවධාරණය කරයි.

එම ගංජා හේන වැටලීමට ගිය පොලිස් නිලධාරීන් අතරින් අයකු දැනටමත් මාරුකර යවා ඇති අතර තවත් අයකු පහර දී රෝහල්ගත ප්‍රතිකාර ලබන බවත් ඔහු සඳහන් කරයි.

මෙම පහර දීම බොරුවක් නම් සූරියවැව රෝහලට අදාළ පුද්ගලයා ඇතුළත් කරගෙන වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට යොමු කළේ මන්දැයි උදය ගම්මන්පිල ප්‍රශ්න කරයි.

වල්පැළ වෙනුවට මල්පැළ පාර්ලිමේන්තු යවමු යැයි ජාතික ජන බලවේගය ප්‍රකාශ කරන විට ඉන් අදහස් කරන්නේ ගංජාකාරයන් පාර්ලිමේන්තුට පත්කරමු යන අදහස දැයි පැනයක් මතු වන බව ද හෙතෙම පෙන්වා දෙයි.

Related posts

போதைப்பொருளுடன் மூவர் கைது

Mohamed Dilsad

வரவு செலவு திட்டத்தை எதிர்த்து வாக்களிக்க ஐக்கிய மக்கள் சுதந்திரக் கூட்டமைப்பு தீர்மானம்

Mohamed Dilsad

தென் மாகாண சபை உறுப்பினர் கைது

Mohamed Dilsad

Leave a Comment