රුසියානු හමුදා විසින්, යුක්‍රේනයේ ප්‍රධාන ඔඩෙසා කලාපයට ප්‍රහාර එල්ල කිරීම තීව්‍ර කර ඇති බව විදේශ මාධ්‍ය සඳහන් කරයි.
උද්ගතව පවතින නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ, කලාපයේ විශාල විදුලි කප්පාදුවක් සිදුව ඇති අතර කලාපයේ සමුද්‍රීය යටිතල පහසුකම්වලට ද තර්ජනයක් එල්ල වී ඇතැයි සඳහන්. පසුගිය සතියේ, රුසියාව විසින් ඔඩෙසා හි නැගෙනහිරින් පිහිටි පිව්ඩෙනි වරායට එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් අට දෙනෙකු මිය ගොස් තවත් 30 දෙනෙකු තුවාල ලබා ඇත.
යුක්‍රේනයේ තුන්වන විශාලතම නගරය වන මෙම ඔඩෙසා නගරයට ප්‍රහාර එල්ල කිරීම එරට ආර්ථිකයට බලපෑමක් බව එරට නිලධාරීන් පවසයි.
ඡායාරූප විදේශ මාධ්‍ය
