Trending Newsඑසැන පුවත්දේශීය

ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර්, ජනාධිපති අනුර හමුවෙයි

මෙරට සංචාරයක නිරත ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා ජනාධිපති අනුර දිසානායක මහතාව හමුවී තිබේ.

මේ වනවිට ද්විපාර්ශ්වයික සාකච්ඡා ආරම්භ කර ඇති බවද ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා ඊයේ (22) පස්වරුවේ ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ යානයකින් මෙරටට පැමිණියේය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ නියෝජිතයෙකු ලෙස එස්. ජයිශංකර් මහතා මෙම සංචාරය සිදුකරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශ සඳහන් කළේය.

දිට්වා සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වූ ශ්‍රී ලංකාවට ඉන්දීය රජයේ සහයෝගය තවදුරටත් තහවුරු කිරීම ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ සංචාරයේ අරමුණ වී ඇති බව සඳහන්ය.

විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා සංචාරය නිමාකර අද පස්වරුවේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බවය. 

Related posts

RDA warns Southern Expressway motorists

Mohamed Dilsad

බුද්ධි කීර්තිසේන අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

காற்றின் வேகம் சற்று அதிகரிக்கும் வாய்ப்பு…

Mohamed Dilsad

Leave a Comment