Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ඉන්දීයාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය අප්‍රේල් 04 සිට 06 දක්වා

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය ගැන ඉන්දියාව නිල වශයෙන් නිවේදනය කර තිබේ. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අප්‍රේල් මස 4 සිට 6 දක්වා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත වෙනු ඇති බවය.

මෙම සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමග ද්විපාර්ශ්වි සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

මෙරට රැඳීසිටින කාලය තුළදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අනුරාධපුර ජය ග්‍රී මහා බෝධීන් වහන්නේ වැඳපුදා ගැනීමට සහ ඉන්දීය රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක වන ව්‍යාපෘති කිහිපයක් විවෘත කිරීමට නියමිත බවද සඳහන් වෙයි. එමෙන්ම මෙම සංචාරය තුළදී දෙරට අතර අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුම් කිහිපයක් හුවමාරු කරගැනීමට ද නියමිතය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග මෙම සංචාරය සඳහා ඉන්දීය විදේශ අමාත්‍යවරයා, ජාතික ආරක්ෂක උපදේශකවරයා, ඉන්දීය විදේශ ලේකම්වරයා සහ ඉන්දීය රජයේ තවත් ජ්‍යේෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගීවීමට නියමිත බවද එරට විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය.

Related posts

லண்டனில் பிரம்மாண்ட இசை நிகழ்ச்சி நடத்தும் அனிருத்

Mohamed Dilsad

கூட்டு எதிர்க்கட்சி தலைவரை நியமிக்கும் அதிகாரம் எனக்கில்லை – சபாநாயகர்

Mohamed Dilsad

சுற்றுலா பயணிகளின் வருகை ஐந்து சதவீதத்தால் அதிகரிப்பு

Mohamed Dilsad

Leave a Comment