Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීයවිදෙස්

ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (IOC) අභිනව සභාපති ලෙස සිම්බාබ්වේ දේශයේ වත්මන් ක්‍රීඩා ඇමති මෙන්ම එරට හිටපු ඔලිම්පික් පිහිනුම් ශූරියක වන ක්‍රිස්ටි කොවෙන්ට්‍රි තේරීපත්ව තිබේ. 41 හැවිරිදි කොවෙන්ට්‍රි සැලකෙන්නේ වසර 130ක (1894 සිට) ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු ඉතිහාසය තුළ සභාපති තනතුරට තේරීපත් වූ පළමු කාන්තාව ලෙසයි. එමෙන්ම ඇයට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ 10වන සභාපති, එම තනතුරට පත් පළමු අප්‍රිකානු ජාතිකයා මෙන්ම එම තනතුරට පත් වූ ළාබාලම තැනැත්තා වැනි ගෞරවයන් රැසක් හිමිය.

එළැඹෙන කාල වකවානුව වෙනුවෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නිලවරණය ඊයේ (20) ග්‍රීසියේදී පැවැත්විණි. ඇය පළමු වටයේදීම බහුතර ඡන්ද සංඛ්‍යාවක් හිමිකර ගනිමින් මෙම ධුරයට පත්වීම විශේෂත්වයකි. අභිනව සභාපතිනිය එළැඹෙන ජුනි මාසයේදී සිය ධුරයේ වගකීම් නිල වශයෙන් භාරගැනීමට නියමිතව ඇත. ඒ අනුව ඇය අවම වශයෙන් ඉදිරි වසර 8 ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ලෙසින් කටයුතු කරනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

මම පොලී මුදලාලි වගේ – කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති

Editor O

‘Chaos’ as Hong Kong Police and protesters clash

Mohamed Dilsad

කොළඹ, ගම්පහ අධි අවදානම් නොවන කලාපවල පුද්ගලයින්ට දැනට එන්නත නැහැ

Mohamed Dilsad

Leave a Comment