Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමා ආණ්ඩුව ඉදිරිපත් කළ අයවැයෙන්, බලාපොරොත්තු වෙන අපේක්ෂිත ඉළක්ක වලට කිසිසේත් යන්න බැහැ – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

පවත්වාගෙන යන ආර්ථික වර්ධන වේගය තුළ රට සිංගප්පුරුවක් කිරීමට නම් තව අවුරුදු 65ක්වත් ගතවනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී එසේ ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ රාජපක්ෂ මහතා මෙසේ ද කීවේය. ”ඔබ ආණ්ඩුවක් ගන්නකොට පහුගිය ආණ්ඩු වගේම ඉතිහාසයේ යම් අතපසුවීම් සිද්ධ වෙලා තියෙනවා නම් ඒවා නිවැරදි කරගන්නත් එක්ක තමයි ඔබට බලය දෙන්නේ. හැබැයි අවුරුදු පහක්,ඔව් අපි දැන් අයිඑම්එෆ් සමග, අයවැය ඉදිරිපත් කළේ අපේ අයවැය නෙවෙයි අපේ අයවැය ඉදිරිපත් කරන්න වෙන්නේ අවුරුදු දහයකට පහකට පස්සේ කියනවා නම් ඔබ අද ඉදිරිපත් කරලා තියෙන අයවැයෙන් බලාපොරොත්තු වෙන අපේක්ෂිත ඉලක්ක වලට කිසිසේත් යන්න බැහැ කියන එකත් මතක් කරන්න ඕනේ. ඔබේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබ්බා මැදි අදායම් ලබන රටක ලෙස 2030දී පත් කරනවා කියල. ගිය කාර්තුවේ 5%ක ආර්ථික වර්ධන වේගයක් ඇතුව ඊළඟ අවුරුදු ගණනාවම ගියත් මැදි අදායම් ලබන රටක් වෙන්න අපේ රටට තව අවුරුදු 27ක් යන්න වෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා 2048 දියුණු රටක් කරනවා කිව්වේ, අන්න ඒකට තව අවුරුදු දෙකක්වත් එකතු කරන්න වෙනවා. එහෙම නැත්නම් අද සිංගප්පුරුව තියෙන ආර්ථිකයට යන්න ඕනේ නම් තව අවුරුදු 65ක් වත් යන්න වෙනවා කථානායකතුමනි මේ වේගෙන් ඒ තැනට යන්න. කොහොමද අපේ ආර්ථිකය 6%ට වැඩි 7%ක 8%ක ආර්ථික වර්ධනයකට ගෙනියන්නේ. මේක යම් ජම්ප් එකක්. ඒ සඳහා රැඩිකල් තීන්දු ආණ්ඩුවක් විදිහට ගන්න ඕනේ. සමහර රැඩිකල් තීන්දු අයිඑම්එෆ් එක ඇතුලේ නැහැ. හැබැයි අපි හිතනවා ආණ්ඩුවට ආදායම උත්පාදනය කිරීමේ වැඩපිළිවෙලක් සහ සැලැස්මක් තියෙනවා නම්,මොකද පැහැදිලිව වියදම් කිරීමේ සැලැස්මක් තියෙනවා. ඔබතුමන්ලා එක එක අමාත්‍යාංශය වල, හිටපු ජනාධිපතිවරුන්ගේ වියදම් කප්පාදු කළා කිව්වා,ඒක කොච්චර ඉතුරු වුණාද කියන්න නම් අයවැය දිහා බැලුවහම පැහැදිලි නැහැ. හැබැයි ඔබ සහ අපි, මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන ඒ දැවැන්ත පරිවර්තනයට යන්න නම් අයිඑම්එෆ් රාමුව ඇතුලේ පවා ආණ්ඩුවට රැඩිකල් තීන්දුවලට යන්න වෙනවා.” යනුවෙන් නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

Related posts

අතුරු අයවැය ඡන්ද විමසීම : සජිත් සහ ඩලස් තීරණයක් ගනී

Mohamed Dilsad

Sri Lanka ready to share expertise with ILO in its efforts in preventing child labour

Mohamed Dilsad

உலக வங்கியின் உப தலைவர் இலங்கையில்

Mohamed Dilsad

Leave a Comment