දේශීය

අතුරු අයවැය ඡන්ද විමසීම : සජිත් සහ ඩලස් තීරණයක් ගනී

(UTV | කොළඹ) – අද පැවැත්වෙන අතුරු අයවැය ඡන්ද විමසීමේදී ඡන්ද ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට තීරණය කළ බව සමගි ජන බලවේගය පවසයි.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා මාධ්‍ය අමතමින් මේ බව පැවසීය.

එය එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ද තහවුරු කළේය.

පසුගියදා පාර්ලිමේන්තුවේ විපක්ෂයට එක්වූ ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රමුඛ කණ්ඩායමද අද පැවැත්වෙන අතුරු අයවැය ඡන්ද විමසීමේදී ඡන්ද ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්. පීරිස් මහතා විසින් මේ බව තහවුරු කළේය.

Related posts

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

උඩරට දුම්රිය මාර්ගයේ පීලි පැනීමක්

Mohamed Dilsad

දියේ ගිලී මියගිය ක්‍රිෂ්ණමූර්ති පොලිස් සැරයන් නිලයට

Mohamed Dilsad

Leave a Comment