Trending Newsඑසැන පුවත්දේශීය

මත්පැන් ආහාරයක් – ඇමති ලාල් කාන්ත

සහල් වලින් අතුරු නිෂ්පාදන බිහිවීම වඩා හොඳ ප්‍රවණතාවයක් වන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසනවා.

අද (12) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා කියා සිටියේ, සහල් වලින් කෙරෙන ප්‍රධාන නිෂ්පාදන අතරට මත්පැන්ද අයත් වන බවත් ඒ සඳහා වන නීති වලට අදාළව සහල් ඒ වෙනුවෙන් යොදාගත යුතු බවයි. වෛද්‍යවරු කුමක් පැවසුවද තමන්ගේ තර්කයට අනුව මත්පැන් යනු ආහාරයක් බවද කේ.ඩී ලාල්කාන්ත මහතා පවසනවා.

එමෙන්ම මේ වන විට රට තුළ සහල් හිගයක් නොපවතින බව අමාත්‍යවරයා එහිදී කියා සිටියා. ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ කේ.ඩී ලාල්කාන්ත මහතා “ සහල් වලින් අතුරු නිෂ්පාදන තව තවත් බෝ වෙනවනම් තමයි හොඳ. ආය එකතු කර කර යන්න පුලුවන්නම්.මන් නම් කියන්නේ මත්පැන් වැදගත්. මත්පැන් කියන්නෙත් ආහාරයක්. මගේ තර්කයට අනුව වෛද්‍යවරු මොනා කිව්වත්, මම කියන්නේ එක්තරා පිරිසකට ආහාරයක්. එතකොට කියනවා මත්පැන් නිෂ්පාදනයට මෙච්චරක් අච්චරක් යනවා, බියර් යනවා කියලා.

මන් නම් කියන්නෙ ඒවට ගන්න තරමට හොඳයි. අපි සමත් වෙන්න ඕනේ ප්‍රමාණවත් ලෙස අමතර ඒවටත් එක්ක නිෂ්පාදනය කරන්න. හැබැයි නීති තියෙනවා”

Related posts

உலகில் மாசடைந்த நகரங்கள் பட்டியலில் 14 வது இடத்தில் இந்தியா

Mohamed Dilsad

இலங்கைக்கான ஐரோப்பிய ஒன்றியத்தின் தூதர்கள் – பிரதமர் சந்திப்பு [VIDEO]

Mohamed Dilsad

Baghdadi death: Footage shows rubble of IS leader’s compound – [VIDEO]

Mohamed Dilsad

Leave a Comment