Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපතිට එරෙහි නඩුවකින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ඉවත් වෙයි.

අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ ධූර සඳහා පුරප්පාඩු පවතිද්දී ඉකුත් ආණ්ඩුව සමයේ ඊට විනිසුරුවරුන් පත් නොකිරීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර තිබූ පෙත්සමක් විභාග කරන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය අද එම නඩු විභාගයෙන් ඉවත්වන බව දැනුම් දුන් බව වාර්තා වේ.

ඒ, මෙම පෙත්සම විභාගය සඳහා ජනක් ද සිල්වා, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ මේනකා විජේසුන්දර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී බව සඳහන් වේ.

එහිදී සාමාජික විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය මෙම නඩු විභාගයෙන් ඉවත්වන බැවින් ඇය නොමැති විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම මැයි මස 09 වනදා සලකා බැලීම සඳහා කැඳවන ලෙසත් නියෝග කර ඇත.

ජනාධිපති නීතීඥ  සේනක වල්ගම්පාය මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළේය. එහි වග උත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් නම් කර තිබෙන අතර, පෙත්සම්කාර ජනාධිපති නීතිඥවරයා කියා සිටින්නේ ඉකුත් නොවැම්බර් මාසය වන විට අභියාචනාධිකරණයේ විනිසුරු ධූර පුරප්පාඩු 05ක් පැවති බවයි.

එම විනිසුරු පුරප්පාඩු පිරවීමට එවක ජනාධිපතිවරයා කටයුතු නොකිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙන බව වාර්තා වේ.

Related posts

ශ්‍රී ලංකාව සම අනුග්‍රාහකත්වයෙන් ඉවත්වන බව මානව හිමිකම් කවුන්සිලයට දන්වයි

Mohamed Dilsad

රෝසි CIDයට

Mohamed Dilsad

Fair weather over Sri Lanka today

Mohamed Dilsad

Leave a Comment