Trending Newsඑසැන පුවත්

හිටපු පොලිස්පති දේශබන්දු හොයන්න, මාතර ප්‍රදේශයේ නිවසකට පොලීසිය යයි…

තමාගේ නිවස පරීක්ෂා කිරීමට ඊයේ (09) රාත්‍රියේ පැමිණි පොලිස් නිලධාරීන් දේශබන්දු තෙන්නකෝන් මහතා සොයා ආ බව සඳහන් කර ඇතැයි රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා පවසනවා.

ප්‍රකාශයක් ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය දා සිදුකළ දැනුම්දීමක් අනුව අද (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

ඊයේ (09) රාත්‍රියේ පොලිස් නිලධාරීන් පිරිසක් මාතර මාලිම්බඩ පිහිටි තම නිවසේ පරීක්ෂාවක් සිදු කර ඇති බව ඩිෂාන් ගුණසේකර මහතා මෙහිදී සඳහන් කළා.

අදාළ නිවසේ ජීවත් වන්නේ 80 වියැති තම මව සහ සේවකයින් දෙදෙනෙකු පමණක් බවත් එම නිලධාරීන් නිවස පරීක්ෂා කිරීමට පැමිණ ඇත්තේ,  මාලිම්බඩ පොලීසිය දැනුවත් කිරීමෙන් තොරව බවත් ඔහු කියා සිටියා.

“ඊයේ රෑ කරපු වැඩේ නම් පුරවැසියෙක් හැටියට ලොකු ප්‍රශ්නයක්. කිසිම වරෙන්තුවක්වත් නිල ඇඳුමකින් සැරසුණු නිලධාරියෙක්වත් නැතුව සිවිල් ඇඳුමෙන් පිරිසක් ඇවිල්ලා තියෙන්නේ, ඔවුන් අතේ කිසිම නිත්‍යානුකූල ලියවිල්ලක් තිබුනේ නැහැ.

මාතර මාලිම්බඩ පොලීසියෙන් විමසුවාම ඔවුන් ඒ ගැන දැනුවත් නැහැ.ඒ නිලධාරීන් වාහනෙන් ගිහින් තිබ්බා මගේ ගෙදරට . ඒ නිලධාරීන් තමයි මොවුන්ව අඳුරගෙන තියෙන්නේ පොලිස් නිලධාරීන් හැටියට. ඔවුන් අම්මගෙන් ප්‍රාකාශයක් සටහන් කරගෙන තියෙනවා අම්මට කරදර කරේ නැහැ කියල්ලා. මම ඉන්නේ කොළඹනේ, නීත්‍යානුකූල නොවන විදියට සිවිල් ඇඳුමින් ගිය එක තමයි ප්‍රශ්නෙ, ආණ්ඩුව අපහසුතාවය පත් කිරීමක් තමයි මේ කරලා තියෙන්නේ, අන්තිමට කියලා තියෙන්නෙ දේශබන්දු තෙන්නකෝන් මහත්තයා ඉන්නවද බලන්න ආව කියලා”

Related posts

වට්ස්ඇප් මෘදුකාංගයට අලුත් විශේෂාංගයක්

Editor O

“Furious” Producer sues over spin-off

Mohamed Dilsad

நித்யானந்தா உருவாக்கிய தீவை தனி நாடாக அங்கிகரிக்க கோரி ஜ.நா.விற்கு மனு [VIDEO]

Mohamed Dilsad

Leave a Comment