Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පුංචි ඡන්දයට ”පුටුව” ලකුණෙන් ඉල්ලයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පක්ෂ ගණනාවක් එක්වී පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීමට තීරණය කර තිබේ. ඔවුන් තරඟ වැදීමට නියමිතව ඇත්තේ පුටුව ලකුණින්.

ඒ අනුව මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවත් පක්ෂ කිහිපයක් සමග සාකච්ඡා කිරීමට නියමිතව ඇති අතර ඉදිරි මැතිවරණයේදී රජයට විරුද්ධ පොදු සන්ධානයක් ලෙස ඉදිරියට යාම අරමුණු කර ගනිමින් ඔවුන් පුටුව ලකුණ මේ සඳහා නම් කර තිබෙනවා.

පසුගිය කාලවකවානුවේදී නගරාධිපාහි සහ උප නගරාධිපති ධුර දැරූ අය මෙන්ම ප්‍රාදේශීය සභා සභාපතිවරු සහ උප සභාපතිවරුන්ට ද මෙවර නාමයෝජනා ලබාදීමට ද නිදහස් පක්ෂය තීරණය කර ඇති බව සඳහන්. කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක මහතාද, මෙවර පුටුව ලකුණින් තරග කරන අතර කොළඹ මහ නගර සභාව ද වැඩි ජනතා මනාපය හිමි නව නායකයෙක් සොයා ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයා ප්‍රමුඛ පොදු සන්ධානය සූදානමින් සිටින බවයි වාර්තා වන්නේ.

නිදහස් පක්ෂයේ සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වූ සාමාජිකයින්ද එක් කර ගැනීමට තීරණය කර ඇති අතර එලෙස සාමාජිකයින් රැසක් මෙම පොදු සන්ධානය සමග එක්වීමට තීරණය කර ඇති බව ද වාර්තා වනවා.

Related posts

රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේ

Mohamed Dilsad

இனந்தெரியாத துப்பாக்கிதாரியால் மேற்கொள்ளப்பட்ட துப்பாக்கிச் சூட்டில் ஒருவர் பலி

Mohamed Dilsad

දැරියව අපයෝජනය කළ පුද්ගලයාව ඝාතනය කළ 6ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment