දේශීය

දැරියව අපයෝජනය කළ පුද්ගලයාව ඝාතනය කළ 6ක් අත්අඩංගුවට

පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් 06 දෙනෙකු යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

සැකකරුවන් අතර අවුරුදු 28 සහ 42 වයස්වල පසුවන කාන්තාවන් දෙදෙනෙකු ද වන බව පොලීසිය සඳහන් කළේය.

 

ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ ඝාතනයට ලක් වු පුද්ගලයා පෙර දින එක් සැකකාරියකගේ 09 හැවිරිදි දියණියට ලිංගික අතවර සිදුකර ඇති බවය.

 

ඒ හේතුවෙන් එම කාන්තාවන් දෙදෙනා අදාළ පුද්ගලයාට පොලුවලින් පහර දී ඇත.

 

පසුව එක් සැකකාරියකගේ සහෝදරයා ද තවත් අයෙකු සමඟ පැමිණ අදාළ පුද්ගලයාට පහර දී යතුරු පැදියකින් රැගෙන ගොස් දෙපා ගැටගසා ළිඳක ගිල්වා ඇති බව පොලීසිය පවසයි.

 

අනතුරුව අදාළ තැනැත්තා ත්‍රීරෝද රථයකින් ඔහුගේ නිවසට ගෙන ගොස් දමා තිබේ.

 

මියගොස් ඇත්තේ යාපනය කෝපායි ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකි.

 

සැකකරුවන් කෝපායි, අරසඩි සහ සිත්තන්කේනි ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අද (14) යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

සිංහල පුස්කොළපොත් අත්පිටපත් ඩිජිටල්කරණය කෙරේ

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

ඇමෙරිකානු තීරු බදු, තවදුරටත් අඩු කර ගැනීමේ සාකච්ඡා ගැන රවී කරුණානායකගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment