විදෙස්

දිනක් තුළ මරණ 18ක් වාර්තාවූ රෝහලක්

ඉන්දියාවේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තයේ, කල්වා නම් ප්‍රදේශයේ පිහිටා ඇති රෝහලක ප්‍රතිකාර සඳහා පැමිණි රෝගීන් 18 දෙනෙක් පසුගිය පැය 24 තුළ ජීවිතක්ෂයට පත්වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය.

 

චත්‍රාපති ශිවාජි මහරාජ් රෝහලේ බලධාරීන් ඊයේ (13) ඒ බව තහවුරු කර තිබුණි.

 

මියගොස් ඇති පිරිස අතර කාන්තාවන් 10ක්ද වෙයි.

 

එසේම මියගොස් ඇති 18 දෙනාගෙන් 12 දෙනෙක් වයස අවුරුදු 50ට වැඩි අය බව හඳුනාගෙන තිබේ.

 

එම මරණ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ස්වාධීන පරීක්ෂණ කමිටුවක් පත්කර ඇති අතර එම මරණ වලට හේතුවූ සායනික කරුණු සම්බන්ධයෙන් ඔවුන් පළමුව සොයාබැලීමට නියමිතය.

 

සිදුවී ඇති සිද්ධිය සම්බන්ධයෙන් එම ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන් සලිත වී ඇති අතර සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත්තේ එම මරණ සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කම්පාවන බවය.

Related posts

ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම ස්ථිරව අත්හිටුවයි

Mohamed Dilsad

හොංකොං විරෝධතාකරුවන්ට ඇමරිකානු ජනපතිගෙන් සහය

Mohamed Dilsad

2015 න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉරානය ඉවත් වෙයි

Mohamed Dilsad

Leave a Comment