දේශීය

බන්ධනාගාර නිලධාරියාට පහරදුන් තුනක් මාට්ටු

වැලිගම බස් නැවතුම්පොළේ දී ගාල්ල බන්ධනාගාරයට අනුයුක්තව සේවය කරන බන්ධනාගාර නිලධාරීයෙකුට පහරදී බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

ගිනිඅවි සමඟ මුහුණු ආවරණය කරගත් 10 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් පසුගිය 05 වන දින එම නිලධාරීයා රැඳී සිටි බස් රථයට ඇතුළු වී පහරදීමක් සිදුකර තිබුණි.

 

පහරදීම සම්බන්ධයෙන් මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් සිදුකළ විමර්ශනයකට අදාළව පුද්ගලයින් තිදෙනෙකු වැලිගම, මිදිගම සහ අහංගම යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබේ.

 

එමෙන්ම පහරදීම සඳහා ඔවුන් පැමිණි ත්‍රිරෝද රථයක් සහ යතුරු පැදියක් ද එහිදි පොලිසිය විසින් සොයාගෙන ඇති බව සඳහන්ය.

 

අත්අඩංගුවට ගත් අවුරුදු 19ත් 30ත් අතර වයස් කාණ්ඩවල පසුවන්න් වන අතර සැකකරුවන් අද (14) මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

ඉන්දියාවේ දුම්රිය අනතුර ගැන ජනපතිගේ ශෝකය

Mohamed Dilsad

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 2,138කට උසස්වීම්

Editor O

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment