Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 2,138කට උසස්වීම්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 74 වන සංවත්සරය ‍අද (09) වනදා අභිමානවත්ව සමරනු ලබයි. ඊට සමගාමීව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ නිර්දේශය මත විවිධ තරාතිරම්වලට අයත් ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් 2,138 ක් අද දින සිට උසස් කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව, සාමාන්‍ය නැවි තරාතිරම දක්වා නාවිකයන් 158 ක්ද, බල නැවි තරාතිරම දක්වා නාවිකයින් 279 ක්ද, නායක නැවි තරාතිරම දක්වා නාවිකයින් 406 ක්ද, සුළු නිලධාරී තරාතිරම දක්වා නාවිකයින් 391 ක්ද, ප්‍රධාන සුළු නිලධාරි තරාතිරම දක්වා නාවිකයින් 539 ක්ද, සමූහ ප්‍රධාන සුළු නිලධාරී දක්වා නාවිකයින් 354 ක් සහ පාලක ප්‍රධාන සුළු නිලධාරී දක්වා නාවිකයින් 11 ක්ද වශයෙන් ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් 2138 ක් ඊළඟ තරාතිරම දක්වා උසස් කර ඇති බව සඳහන්.

එමෙන්ම, නාවික හමුදාවේ 74 වැනි සංවත්සරය වෙනුවෙන් මහනුවර ශ්‍රී දළඳා සමිඳුන් වෙත ගිලන්පස බුද්ධ පූජාව සිදු කිරීම, දළඳා සමිඳුන් උදෙසා බුද්ධ පූජාව සහ භික්ෂූන් වහන්සේ විෂයෙහි දානමය පුන්‍යකර්මය සිදු කිරීම, සඳහිරු සෑය අභියසදී ආලෝක පූජාවක් පැවැත්වීම සහ කැළණිය රජමහා විහාරයේ ධාතු මන්දිරයේ පුජාවක් පැවැත්වීම සඳහාද කටයුතු සංවිධානය කර තිබෙනවා.

Related posts

Price of Nadu and Samba rice reduced

Mohamed Dilsad

UAE leaders perform funeral prayers for Sharjah Ruler’s son

Mohamed Dilsad

Sri Lanka Army field training exercise for UN mission in Mali reaches final leg

Mohamed Dilsad

Leave a Comment