Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ගමන් කළ රථයක ගැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

වෙන්නප්පුව ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වෙන්නප්පුව පොලීසිය කියයි. යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර පොන්නම්බලම මහතා ගමන් ගත් කළ ජීප් රථයේ හැපී මෙම අනතුර සිදුව ඇතැයි වෙන්නප්පුව පොලීසිය සඳහන් කළේය. මියගිය කාන්තාව වයස අවුරුදු හැත්තෑවක් වන තැනැත්කියක් බවද සඳහන්.

කොළඹ පුත්තලම මාර්ගයේ බෝලවත්ත හන්දියේදී මෙම අනතුර සිදුව තිබේ. සිද්ධියට අදාළව මන්ත්‍රීවරයාගේ රියැදුරා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර ඇත.

Related posts

கடுகண்ணாவா புத்தர் சிலை உடைப்பு-சந்தேகத்தின் பேரில் ஒருவர் கைது

Mohamed Dilsad

UPDATE – IOC පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළට

Mohamed Dilsad

නව අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලිය ලබන වසරේ සිට

Mohamed Dilsad

Leave a Comment