Trending Newsඑසැන පුවත්දේශීය

වත්මන් ආණ්ඩුව, රටට අවාසි අයිඑම්එෆ් ගිවිසුම සමග ඉදිරියට යනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

වත්මන් ආණ්ඩුව විශාල ජනවරමකින් පාර්ලිමේන්තු බහුතරය ලබාගෙන තිබුණද, ආරම්භයේදීම කළේ අයිඑම්එෆ් ගිවිසුම ගැන ජනතාවට දුන් පොරොන්දු අමතක කර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ රජය ක්‍රියාත්මක කළ අයිඑම්එෆ් ප්‍රතිපත්තිය තවදුරටත් ක්‍රියාත්මක කිරිම බවත් මේ ක්‍රියාව බරපතල පාවාදීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන මහතාගේ මූලිකත්වයෙන් මීගමුවේ පැවැති ජනහමුවක් අමතමින් විපක්ෂ නායකවරයා එසේ පැවසීය.

විපක්ෂ නායකවරයා මෙසේ ද කීවේය. ජනතාව රැවටීමක් බවත් විපක්ෂයේ සිටි කාලයේ අයිඑම්එෆ් ගිවිසුමේ ඇති අඩුපාඩුකම් ගැන කතා කර ඒවා නිවැරදි කර නව ගිවිසුමකට යොමුවෙනවා යැයි කීවත් බලය ලැබුණු පසු ඒ පොරොන්දු කඩ කරලා. අප රට ද්වීපාර්ශ්වීය සහ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැදුම්කර ණය හිමියන් සමඟ ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනකට යොමු වූ අවස්ථාවේ සමගි ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණ කියා සිටියේ ඒ ණය ප්‍රතිව්‍යුහගත කිරිම හරහා රටට වාසියක් නොවන බවත් අයිඑම්එෆ් රාමුව තුළ රටටත් ජනතාවටත් වැඩි වාසියක් ලබන නව අයිඑම්එෆ් ගිවිසුමකට යා යුතු බවට යෝජනා කළ බවත් එදා ජනතා විමුක්ති පෙරමුණ ද කියා සිටියේ නව ණය තිරසරණකරණ ගිවිසුමකට ප්‍රවේශ වී නව වැඩපිළිවෙළකට යන බවක් වුවත් දිනපු ගමන් කියපු දේ අමතක කර කළේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ රජය එකඟ වූ, රටට අවාසිදායක ජනතාවට සෙතක් සැලසෙන්නේ නැති ගිවිසුමකට යාම බවත් විපක්ෂ නායකවරයා කීවේය.

මේ නිසා ජනතාවගේ අසහනය, පීඩනය, ණයබරතාව වැඩි වී සමාජයේ අවදානම් සහිත කොටස්වලට ළදරුවන්ට මව්වරුන්ට තරුණ පරපුරට විශාල ලෙස අගතිගාමී බලපෑම් සිදුවන බවත් මේ ගිවිසුම හරහා අවසානයේ ගෙවන්නට ඇති ණය කප්පාදු වනවා වෙනුවට අමතර ඇ. ඩොලර් බිලියන 2.3ක ණයක් ද ගෙවීමට සිදුවන බවත් ඒ අනුව, තිබුණටත් වඩා ණය ගෙවීමට සිදුවන බවත් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

ජාත්‍යන්තර ස්වෛරීත්ව බැදුම්කර හිමියන් සමග සාකච්ඡා පැවැත්වීමේ දී ලසාර්ඩ්, ක්ලිෆර්ඩ් චාන්ස් කියන සමාගම ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා වල රට වෙනුවෙන් පෙනී සිටින බවත් ඝානා රටේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැදුම්කර හිමියන් සමග පැවැති සාකච්ඡාවේදී ඝානාවට ලැබුණු සහනය අප රටට ලබා ගැනීමට නොහැකි වූ බවත් පැවසූ විපක්ෂ නායකවරයා ඝානාවට ගෙවිය යුතු ණයෙන් 37%ක් අඩුකර ගත හැකි වුවත් අප රටට ණය කප්පාදුවක් වෙනුවට වැඩිපුර ණය ගෙවීමට සිදුව ඇති බවත් පැවසීය.

එම නිසා රටක් ලෙස අවාසිදායක ගිවිසුමකට නොයා පාර්ලිමේන්තුවේ මතය මේ සම්බන්ධයෙන් ප්‍රථමයෙන් සොයා බැලිය යුතු බවත් ලංකාවට අවාසිදායක ගිවිසුමකට නොයා යුතු බවත් අප රටේ ණයබරතාව වැඩිවන විට සෞඛ්‍ය, අධ්‍යාපන, කෘෂිකර්ම, ධීවර ක්ෂේත්‍රවල ගැටලු රැසක් ඇතිවන බවත් මේ ගැන ජනතාව අවබෝධයෙන් සිටිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා‍ අවධාරණය කළේය.

.

Related posts

காதலரை மணந்தார் பாவனா

Mohamed Dilsad

Western Provincial councillor S. Kuhawarden arrested by CID

Mohamed Dilsad

2018 ஆம் ஆண்டின் உலகக்கோப்பை ரசிகர்கள்

Mohamed Dilsad

Leave a Comment