දේශීයවිදෙස්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හදිසියේම කළ අනතුරු ඇඟවීම මෙන්න

(UTV | කොවිඩ් 19) – කොවිඩ් 19 ගෝලීය වසංගත තත්ත්වය තුළ ලෝකය මේ වනවිට තීරණාත්මක සංධිස්ථානයකට පැමිණ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් ජිනීවා නුවරදී ඊයේ ප්‍රකාශ කළේ ඇතැම් රටවල් එහිදී අනතුරුදායක ගමන් මඟකට යොමු වී ඇති බවයි.

විශේෂයෙන් උතුරු අර්ධ ගෝලයේ රටවල් එම තත්ත්වයට මුහුණදෙන බවත් , ඉදිරි මාස කිහිපය ඇතැම් රටවලට අතිශය දුෂ්කර මෙන්ම අනතුරුදායක විය හැකි බවත් ඔහු සඳහන් කරයි.

මේ නිසා අනවශ්‍ය ලෙස තවදුරටත් ජීවිත හානි සිදුවීම, සෞඛ්‍ය සේවා අඩාල වීම සහ පාසල් ආදිය වසා දැමීම වැළැක්වීමට වහා පියවර ගන්නා ලෙස සියලු නායකයන්ගෙන් ඉල්ලා සිටින බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අවධාරණය කළේය.

පැය 24 ක් තුළ ලොව පුරා වැඩිම කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව ඊයේ දිනයේදී සටහන්වුණා.

ඒ හාර ලක්ෂ 87 දහස් 871 ක් ලෙසයි.

අමෙරිකාවෙන් ආසාධිතයන් 79 දහස් 397 ක්ද / ඉන්දියාවෙන් 54 දහස් 028 ක්ද වාර්තා වන බවයි විදෙස් වාර්තා කියාසිටියේ.

ඒ අනුව මේ දක්වා ලොව පුරා සමස්ත කොවිඩ් ආසාදිතයන් හාර කෝටි 24 ලක්ෂ 61 දහසකට වැඩි පිරිසක් වාර්තා වන අතර මරණ ගණන 11 ලක්ෂ 48 දහස් 690 ක්.

 

Related posts

උසස්පෙළ සිසුන්ට කඩයිම් ලකුණු සම්බන්ධයෙන් විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය අද සිට තාවකාලිකව වැසේ

Mohamed Dilsad

මෙරට PCR පරීක්ෂණ 64,000 කට ආසන්නයි

Mohamed Dilsad

Leave a Comment