ගොසිප්

යුද හමුදා කපිතාන්වරයෙකුටත් කොරෝනා

(UTV | කොළඹ) – සපුගස්කන්ද ප්‍රදේශයේ පිහිටි බටලන්ද යුද හමුදා කඳවුරේ සේවය කරනු ලබන යුද හමුදා කපිතාන්වරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටින්නේ මෙම යුද හමුදා කපිතාන්වරයා යුද හමුදා කඳවුරට අවශ්‍ය මාළු මිලදී ගැනීමට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයට ගොස් ඇති බවත් එහිදී මෙම යුද හමුදා කපිතාන්වරයාට වෛරසය ආසාදනය වෙන්නට ඇති බව අනාවරණය වී ඇති බවයි.

කොරෝනා වෛරසය ආසාදනය වූ මෙම යුද හමුදා කපිතාන්වරයා මේ වන විට කොළඹ IDH රෝහලට ඇතුළත් කොට ඇත.

 

Related posts

පිටකෝට්ටෙන් හමුවූ කොරෝනා පොකුර

Mohamed Dilsad

ජනාධිපති ගැන මට දුකයි..වටේ ඉන්නේ පිස්සන් හා ගොං නාම්බන් ටිකක්

Mohamed Dilsad

බොරැල්ලේ කොවිඩ් අවදානම තවදුරටත්

Mohamed Dilsad

Leave a Comment