ගොසිප්

ජනාධිපති ගැන මට දුකයි..වටේ ඉන්නේ පිස්සන් හා ගොං නාම්බන් ටිකක්

(UTV| කොළඹ) – ජනාධිපතිතුමන් ගැන තමන්ට දුක බවත් පිස්සන් සහ ගොන් නාම්බන් ලං කරගෙන රට හදන්න නොහැකි බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.   

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (15) කොළඹ හයිඩ් පිටියේදී පැවති සමගි ජන බලවේග පළමු සංවත්සර සභාව අමතමිනි.

ජනාධිපති දකින සිහින සැබෑ කර ගැනීමට නොහැකි බවත් ජනාධිපති වටේ සිටින්නේ නොම්මර එකේ මැස්සන් සහ කුක්කන් ටිකක් බවද ඔහු සඳහන් කළේය.

ජනතාවට තුන්වේල කන්න බැරි තත්වයට අද රට පත්ව ඇතැයි ද පැවසූ ඔහු අද පාලකයන් උත්සාහ කරන්නේ ජනතාවගේ ජීවිතය ගොඩනැගීම නොව තමන්ගේ ජීවිත ගොඩනගා ගැනීම බව ද ඔහු එහිදී කියා සිටියේය.

අද මෙරට මධ්‍යම පන්තියක් නැති බවත් ඇත්තේ 80% ක් පමණ වන දුප්පත් ජනතාවක් බවත් එම පිරිස කෑම සොයාගන්නේ ද ඉතා අසීරුවෙන් බවත් ඔහු පැවසීය.

ආණ්ඩුවට ඡන්දය දුන් 69 ලක්‍ෂයෙන් 40 ලක්‍ෂයක් ඉන්නේ මීහරක් බයියන් බවත් ඉතිරි 29 ලක්‍ෂ බුද්ධිමත් පාවෙන ඡන්ද දායකයන් යැයි ද ඔහු සඳහන් කළේය.

 

Related posts

වැලිකන්දේ තරුණියගේ මරණය ගෑස් ලීක් එකක් නෙමෙයිලු

Mohamed Dilsad

මැති ඇමතිවරු පොකුරකට නිරෝධායනය වන ලෙසට උපදෙස්

Mohamed Dilsad

‘පියුමිගෙන් වැහුණු’ නැවේ ගින්න : ලෝක ප්‍රකට Economist සඟරාවෙන් විවේචන

Mohamed Dilsad

Leave a Comment