ක්‍රීඩා

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ගැන ජොන්ටි රෝඩ්ස්ගෙන් ප්‍රකාශයක්

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් ඉතාමත් කැපවීමෙන් පුහුණුවීම් සිදු කරන බව දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායක ජොන්ටි රෝඩ්ස් පවසයි.

Road Safety World Series තරගාවලියේ ඊයේ(15) පැවැති තරගයෙන් අනතුරුව පැවැති සම්මාන ප්‍රදානෝත්සවයේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව සඳහන් කළේය.

ඒ, අවසන් පූර්ව වටයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සම්බන්ධයෙන් විමසූ පැනයකට පිළිතුරු ලබා දෙමින්.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම හොදින් දක්ෂතා දක්වන බවත්, සෑම අවස්ථාවකම ඉතා කැපවීමෙන් ඔවුන් පුහුණුවීම් සිදු කරන බවත් ජොන්ටි එහිදී පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු මෙවර තරගාවලියේ දී කැපී පෙනන දක්ෂතා දක්වමින් කණ්ඩායම ඉදිරියට ගෙන යාමට වැඩි දායකත්වයක් ලබා දී ඇති බවත්, වැදගත් කඩුලු කිහිපයක් දවා ගතහොත් සෙසු ක්‍රීඩකයින්ට පීඩනයක් එල්ල කිරීමට හැකි වනු ඇති බවත් ඔහුගේ අදහසයි.

Related posts

දෙවැනි තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

මුත්තයියාට ඉහළ ඇගයීමක්

Mohamed Dilsad

එක් දින නායකත්වය වෙනස් කල යුතුද?

Mohamed Dilsad

Leave a Comment