දේශීය

ශ්‍රී ලංකාව තුළ බුර්කාව හෝ නිකාබය තහනම් කිරීමට කිසිදු තීරණයක් ගෙන නැහැ

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව තුළ නිකාබය සහ බුර්කාව පැළඳීම තහනම් කිරීමට රජය තීරණයක් ගෙන නැති බව විදේශ අමාත්‍යාංශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසයි.   

ශ්‍රී ලංකාවේ බුර්කාව සහ නිකාබය පැළඳීම තහනම් කිරීමේ යෝජනාවක් සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශ පිළිබඳව මෑත කාලීන මාධ්‍ය වාර්තා මගින් ඉස්මතු කර තිබේ.

විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසා ඇත්තේ එවැනි තහනමක් පැනවීම සඳහා රජය තීරණයක් ගෙන නොමැති බවත්, එය හුදෙක් යෝජනාවක් පමණක් වන අතර, එය දැනට සාකච්ඡාවට භාජනය වෙමින් පවතින බවත්ය.

පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරයන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ (PCoI) විමර්ෂණයන්ට අනුව, ජාතික ආරක්ෂක හේතුන් මත අවශ්‍ය වන පූර්වාරක්ෂාව, මෙම යෝජනාව සඳහා පදනම් වී තිබේ.

රජය විසින් අදාළ සියලු පාර්වශ්වයන් සමඟ පුළුල් සංවාදයක් ආරම්භ කරනු ඇති අතර, අවශ්‍ය උපදේශන පැවැත්වීම සහ එකඟතාවකට පැමිණීම සඳහා ප්‍රමාණවත් කාලයක් වැය කරනු ඇත.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2021 මාර්තු 16 වැනි දින

 

Related posts

පාර්ලිමේන්තුවට පැමිණීමේදී මහජනතාවට පනවා තිබූ සීමාවන් ලිහිල් කෙරේ

Mohamed Dilsad

ආනයනික මෝටර් රථ සඳහා ඇමරිකාව තීරු බදු ඉහළ දමයි

Editor O

රෝහල්වල ශල්‍යකර්ම සහ සායන කටයුතු ඇරඹීමට පියවර

Mohamed Dilsad

Leave a Comment