දේශීය

ඉන්දියාවේ දුම්රිය අනතුර ගැන ජනපතිගේ ශෝකය

‍ඉන්දියාවේ නැගෙනහිර ඔඩිෂා ප්‍රාන්තයේ සිදුවූ ඛේදනීය දුම්රිය අනතුර පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශෝකය පළකර තිබේ.

 

අදාළ අනතුර සැලවීමෙන් තමා මහත් කම්පනයට පත්වූ බව ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත විශේෂ පණිවුඩයක් යොමුකරමින් දැනුම් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

 

මෙම අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකා රජය සහ රට වැසි ජනතාව සිය අසල්වාසී රාජ්‍ය වූ ඉන්දියාව සහ එහි සහෝදර ජනතාව සමග අත්වැල් බැදගෙන සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

 

අනතුරින් මියගිය සියලුදෙනාගේ පවුල්වල සාමාජිකයින් වෙත සිය බලවත් ශෝකය පළකළ ජනාධිපතිවරයා තුවාල ලැබූවන් වෙත ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර ඇත.

 

අපේක්ෂා නොකළ අන්දමේ මෙම සිදුවීමට මුහුණ දීමට ඉන්දීය රජයට ශක්තිය, ධෛරය ප්‍රාර්ථනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංමහතා සිය පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 

ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ දුම්රිය 03ක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරින් මේ වන විට පුද්ගලයින් 288දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 803දෙනෙකු තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය

Related posts

වැලිකඩ බන්ධනාගරයේත් කොරෝනා ආසාදිතයින් රැසක්

Mohamed Dilsad

පාසල් නැවත ආරම්භ කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයින් ගණන ඉහලට

Mohamed Dilsad

Leave a Comment